Wednesday, December 5, 2018

එජාපයේ නායකයා උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුත්තේ ඇයි.

එජාපයේ නායකයා උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුත්තේ ඇයි.

එක්සත් ජාතික පක්ෂය ආසියාවේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වලින් එකකි. ජේ ආර් ජයවර්ධන මහතා ජපානයට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමේ පුරෝගාමියෙක් ලෙස අදද ජපන් ජනයාගේ ආදරයට පාත්‍රවේ.  එකසත් ජාතික පක්ෂට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටවලින් එක්සත් ජාතික පක්ෂ රජයන්ට ලැබෙන සහයෝගය අති මහත්‍ වේ. 

මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්ව ගෙනයන මේ කුමන්ත්‍රණ අවස්ථාවේදීද ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බොහෝ රටවල සහය රනිල් වික්‍රමසිංහට හිමිව ඇති බව සියල්ලන් දැනගත් යුතුවේ. මහින්ද රාජපක්ෂ රටේ අගමැතිකම ලබාගත් නමුත් ඔහුට රටේ අගමැති ලෙස ජාත්‍යන්තර පිලිගැනීමක් නොලැබීමට එජාපයට හා එහි නායකයාට ඇති ජාත්‍යන්තර පිලිගැනීම හේතුවක් වී ඇත. 

රට තුල විවිධ සංදර්ශන පවත්වමින් මානසික අල්ලස් ලබා දෙමින් ගෙනයන පාලනය ඉතා සුභ සිහිනයක් ලෙස හැඟී ගියද එහි කටුක යතාර්ථය තේරුම් ගැනීමට අප රට සිරවී ඇති චීන ණය උගුල ප්‍රමාණවත් බව මම සිතමි.
රාජ්‍යතාන්ත්‍රික නොවන අදූරදර්ශී රාජ්‍ය නායකයන් රට පාලනය කල වකවානු තුල ඇතිවූ අවාසනාවන්ත සිදුවීම් නැවත සිහිපත් කිරීමත් ඉතා සංවේගජනකය. ඔවුන් රටට ඉතිරි කලේ ඔවුන් බලය පවත්වා ගැනීමට බිහිකල මාෆියා ව්‍යාපාරිකයන් පිරිසක් සහ පාතාල මැරවරයින් පමණි. 

එජාපයට ශක්තිමත් අනාගත නායකත්වයක් සඳහා නව  බීජයක් අවශ්‍යව ඇත. එසේම එම බීජය රෝපණය වියයුත්තේ  පක්ෂය අසීරු අවස්ථා පසුකරමින් සිටින විට කුමන්ත්‍රණ සිදුකරමින් පක්ෂය තුල තම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් නායකත්වය උදුරා ගැනීමට සැලසුම් සැකසීම තුලින් නොවන බව අවධාරණය කරමි.   එසේම එජාපයේ ඊලඟ නායකත්වය බොරු සංදර්ශන පවත්වමින් ජනතාව මුලාවට පත්කරන්නෙකු නොව යහපත් ආර්ථික, දේශපාලනික දැක්මක් ඇති උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුතුමය. එය එජාපයේ මෙන්ම රටේද අනාගතය තීරණය කරණු ඇත.

No comments:

Post a Comment