Saturday, December 22, 2018

හොල්මන් නගර වෙනුවට මහවැලිය


ලෝකයේ හොල්මන් නගර ලෙස හඳුන්වන්නේ දීර්ග කාලීනව භාවිතයෙන් අතහැර දමුණු ජනතාව ජීවත් නොවන පාළුවට ගිය නගරයන්ය. එවැනි නගර අතරින් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධම නගය වන්නේ යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය පිපිරීම නිසා විනාශයට පත්වූ ප්‍රිප්යැට් නගරයයි. මේ පැහැදිලි කිරීම හොල්මන් නගර යනු කවරේදැයි හඳුනා ගනීමට ප්‍රමාණවත් යැයි සිතමි.


ශ්‍රී ලාංකික ජනතාවට යුක්‍රේනයේ සංචාරය නොකර හොල්මන් නැගර දැකබලාගැනීමට අවස්ථාව සලසාදුන් නායකයා ලෙස ඉතහාසගත වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. අද වන විටද හම්බන්තොට, සූරියවැව සහ මත්තල ප්‍රදේශ වල සංචාරය කරන්නන්ට නොමිලේම හොල්මන් නගර නැරඹීමේ හැකියාව පවතී. ඉතා විශාල පොලී අනුපාත යටතේ චීනයෙන් ලබාගත් ණය මුදල් මේ සඳහා යොදාගන්නා ලදී. මෙම ව්‍යාපෘති කිසිඳු විනිවිද භාවයකින් තොරව සිදුවූ බව නොරහසකි. අවසානයේ හම්බන්තොට වරාය චීනයට බදු දීමට සිදුවූයේද අදූරදර්ශී නායකයන්ගේ සැලසුම් විරහිත ක්‍රියාමාර්ගයි.නමුත් මීට වසර ගනනාවකට පෙර ඉදිකල මහවැලි ව්‍යාපෘතිය ආදර්ශයට ගත්තානම් රටට මෙවන් විනාශයක්වීම වලක්වා ගැනීමට තිබූබව මාගේ මතයයි. මහවැලියේ සාර්ථකත්වයට හේතුවූ දේශපාලන නායකත්වය ගැන ලිපියේ අගභාගයේදී සාකච්ඡා කරීමට බලාපොරොත්තු විමි.

මහවැලිය ඉදිකිරීමේ සුපිරි සැලසුමේ මූලික අරමුණු තුනක්  ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය විදුලිබ්ලය ලබා ගැනීමට ජල විදුලි බලාගාර ඉදිකිරීම, ගං වතුර පාලනය සහ වියලි කාලාපයේ ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීමයි. මහවැලිය ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ක්‍රියාතමකවූ සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිඵලයක් අත්කරගත් සංවර්ධන ව්‍යාප්තිය ලෙස ඉතිහාස ගතවී ඇත. මහවැලිය තරම් ප්‍රතිඵලදායී, වේගවත් සහ විශාල සංවර්ධන ව්‍යාපෘතියක් මේ රට තුල ක්‍රියාත්මකවී නොමැති අතර නැවත එවැන්නක් සැලසුම් කිරීම ඉතා අභියෝගාත්මක වනු ඇත්. මහවැලිය මූලික අරමුණු පමණක් නොව වක්‍ර අරමුණුද මනාව ඉටුකල සංවර්ධන ව්‍යාපෘතියකි. රටේ රැකියා උතපාදනය ඉහල නැංවීම, ඉඩම් අහිමි ජනතාවට ගොවි ඉඩම් ලබාදීම, නව තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාගැනීම, නව ගොවි ජනපද ආරම්භය සහ ජාත්‍යන්තර අවදානය දිනාගැනීමද එම සාර්ථක ද්විතීක අරමුණු වලින් කොටසකි. 


මහවැලි සංකල්පයේ ආරම්භය 1964 වසර දක්වා දිව යන්නකි. සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණු රජය මහවැලිය වසර 30 ක් තුල නිමකිරිමට අදාල සැලසුමක් ඉදිරිපත් ක්ලද එයට අදාල කටයුතු ඉතා මන්දගාමී ස්වරූපයකින් සිදුවිය. නමුත් 1977 එක්සත් ජාතික පක්ෂය පත්වීමත සමග නැවත මහවැලිය පිලිබඳ සංවාදය ආරම්භ වන අතර, 1979 දී ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව මගින් මහවැලි අධිකාරිය පිහිටුවා එය තරුණ ගාමිණී දිසානායක මහතා යටතට පත්කලේය. ඉන්පසු ගාමිණී දිසානායක මහතා යට්තේ ආරම්භවන කඩිනම් මහවැලිය ඉතා වේගයෙන් වසර 30 කින් අවසන් කිරීමට යෝජිත මහා ජලාශ ඉදිකිරීම වසර 6 කින් නිමකිරීමට සැලසුම් සකස් කරන අතර සැලසුම්කළ පරිදිම ව්‍යාපෘතිය සාර්ථකත්වයට පත් විය. මීට සති කිහිපයකට පෙර ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා වන නවීන් දිසානායක පැවසූ කතාවක ඔහු මෙසේ පැවසීය. ඒ " මගේ පියා, ගාමිණී දිසානායක වයස අවුරුදු 40 වෙද්දි මහවැලි ගඟේ වේලි 5 ක් බැඳල ඉවරයි". ජනපත් ජේ.ආර්. ජයවර්ධන මහතා ගාමිණී දිසානායක මහතාකෙරේ තැබූ විශ්වාසය ඔහු ඒ අයුරින්ම රැකි බව මහවැලි ව්‍යාපෘතිය දෙස බලන සියල්ලන්ට මනාව පැහැදිලි වේ. ජයවර්ධන ගාමිණී සුසංයෝගය  රටට බිහිකල මහවැලිය ශ්‍රී ලංකා මාතාවගේ ජීවනාලිය බව මනාව පැහැදිලිය. රටේ සියළුම සංවර්ධනයට අවශ්‍ය විදුලිය සහ ජලය සපයන ප්‍රධානම ප්‍රභවය මහවැලිය මිස අන් කවරක් වත් නොවේ. මහවැලිය ගැන සහ ඊට උරදුන් ගාමිණී දිසානායක ගැන මෙසේ ලියා නිමකිරීම පහසු කරුණක් නොවේ. අවසානයේ එක් පතුමක් එක්කර ලිපිය අවසාන කිරීමට අදහස් කරමි, එනම් ගාමිණී දිසානායක වැනි උතුම්, දක්ෂ නායකයෙකුගේ අඩුව පිරවිය හැකි උගත් බුද්ධිමත් සහ කාර්යශූර නායකයෙක් මේ දේශයේ ගොඩනැගේවායි යන්නය.

No comments:

Post a Comment