Wednesday, December 26, 2018

එජාපය බිඳවීමට ගොස්, ගෞරවනීය සමුගැනීමත් අහිමිකරගත් ගමරාල.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා මේ වනවිට සිය පවුලේ සාමාජිකයින් සමඟ තායිලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටී. ජනාධිපතිවරයාගේ මෙම තීරණයට හේතුවී ඇත්තේ ශ්‍රීලනිපය තුළ මතුව ඇති අභ්‍යන්තර කැරැල්ලයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත කරවීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් දැඩි විරෝධය පළ කර ඇති අතර එය ජනාධිපතිවරයාගේ කෝපයට හේතුවී තිබේ. පසුගියදා පැවති ශ්‍රීලනිප ආසන සංවිධායක රැස්වීමේදී මෙම අර්බුදය උග්‍ර මට්ටමට පැමිණ ඇත.

මේ අතර ජනපති සිරිසේනගේ ජනපති අපේක්ෂක සිහිනය බොඳවීගොස් ඇති අතර, ඒ වෙනුවට ගෞරවනීය විශ්‍රාමගැනීමක් ඔහු බලාපොරොත්තු වනබව ආරංචිමාර්ග සඳහන් කරයි. එසේම ටෙලිකොම් ආයතනයට අරක්ගෙන එය වනසමින් සිටින   ජනපති සිරිසේනගේ සහෝදර බහිරවයා පන්නා දැමීමටද මේ වබවිට ආයතනික කැරැල්ලක් මතුවෙමින් පවතී. 
  
ජනපති සිරිසේනට මෙසේ පලදෙන්නේ එජාපයට, එජාප නායකත්වයට සහ සමස්ත   එජාප පාක්ෂිකයාට සිදුකල අපහාසය බව ඔහු මේ මොහොතේ හෝ සිහිපත් කල යුතුව ඇත. අවසානයේ සිහිපත් කල යුතු කරුණක් ඇත එනම්, ජනපති තුමණි ඔබට ගෞරවනීය සමුගැනීමක් අවශ්‍යනම් කලයුත්තේ එජාප පාක්ෂිකයා ඉදිරියේ දනින් වැටී සමාව අයදීම පමණි. ජනපතිඳුනි නමුත් මහින්ද රාජපක්ෂ හා එක්ව කල කුමන්ත්‍රණයෙන් ඔබගේ දේශපාලනික චිතකයට ඔබම ගිණි දල්වාගෙන ඇති බව සහ ඔබට කිසිඳු විට ගෞරවනීය චරිතයක් බවට පත්වීමට නොහැකි බව සිහිපත් කරමින් මෙසේ නිහඬවෙමි.

ශ්‍රී ලාංකික ජාතියක් ලෙස නැගෙන්න නායකත්වය දෙන්න මම සූදානම් - නවීන් දිසානායක



අද දෙසැම්බර් 26 වනදා සුනාමියෙන් මියගිය සහ ආපදාවට ලක්වූ ජනතාව සිහිකිරීම උදෙසා අමාත්‍ය  නවීන් දිසානායක මහතා තම සමාජ ජාලා පිටුවල ඔහු පෙන්වාදී තිබුණේ රට නැවත ජාතියක් ලෙස නගා සිටුවීමේ කර්තව්‍යයට නායකතවය දීමට තමා සූදානමින් සිටින බවයි. 

 සුනාමි විපතින් හා යුද්ධයෙන් ආපදාවට ලක්වූ ජනතාවගෙන් කොටසක් තවමත් පරිපූර්ණ ලෙස යතාතත්වයට පත්වී නොමැති බව සැමට නොරහසකි. එසේ අවතැන්වූ ජනතාව වෙනුවෙන් ලැබුණු විදේශ සහ දේශීය ආධාර දේශපාලකයන් විසින් අවභාවිතා කල සිද්ධින් සහ අකාර්යක්ෂමතා ඊට ප්‍රධාන වශයෙන් බලපෑ බව මාගේ පිලිගැනීමයි. තවද අවතැන්වූ ජනතාවට සෙවිලි තහඩුවක්, පානීය ජල බෝතලයක් හෝ වියලි ආහාර මල්ලක් බෙදාදීම වෙනුවෙන් උත්සව පැවැත්වීම සහ ඒ හරහා තම මනාපය වැඩිකර ගැනීමට වෙරදරන දේශපාලකයන් ආපදා අවස්ථාවල සුලබ දසුනක් වී ඇත. 
‍යුද්ධයෙන් අවතැන්වූ උතුරේ ජනතාව පමණක් නොව යුද්ධයෙන් මියගිය හා ආබාධිතවූ රණවිරුවන්ගෙන් කොටසකට පවා තවමත් හරිහමන් නිවාස ඉදිකර අවසන් නැත. එසේම යුද්ධය නිසා විනාශවූ ප්‍රදේශවල ජනතාවට තවමත් අවම ජීවත්වීමේ පහසුකම් වත සපයා ඇතිබවක් දැකගත නොහැක. 

මේ රටට තවදුරටත් ඒකාධිපති අදහස් දරණ, නම්‍යශීලී නොවන, ජනතාවට යම් යම් ආධාර ද්‍රව්‍ය බෙදා දෙමින් ජනතාව රවටන දේශපාලන සංස්කෘතිය වෙනස්කිරීමට දැන් කාලය එලඹ ඇතැයි මම සිතමි. ජනතාවට දේශපාලකයෙකු මත හෝ රාජ්‍ය ආධාර මත යැපෙනු වෙනුවට තම දෙපයින් සිටගත හැකි ආර්ථික තත්වයක් ගොඩනගන නව නායක්ත්වයක අවශ්‍යතාව අද අන් කවරදාටත් වඩා දැනෙමින් පවතී. එවැනි නව දේශපාලන දැක්මක් ගොඩනැගීමට නවීන් දිසානායක වැනි නායකයෙකුගේ ආගමනයක් ඉතා නුදුරේදීම අවශ්‍ය බව අපගේ මතයයි. 

Sunday, December 23, 2018

දේශපාලන අර්බුදයෙන් වැටුණු ආර්ථිකය ගොඩගැනීමට අගමැති රනිල් දැඩි උත්සාහයක .


ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ලබන වසරේ ජනවාරියේ යුරෝපයේ හා ඇමෙරිකාවේ සංචාරයකට සූදානම් වන බව වාර්තා වේ. එහිදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද හමුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැඩි උත්සාහක නිරතවෙමින් සිටි 

එහිදී පසුගිය දෙසැම්බර් 17 වැනි දිනට ඇමෙරිකාවෙන් ලබාදීමට තීරණය කර තිබූ එම්.සී.සී. (millennium challeng corporation) යටතේ ප්‍රවාහන හා ඉඩම් ප්‍රතිස්ථාපනයට අදාළ ණය මුදල වූ ඩොලර් මිලියන 480ක මුදල යළි ලබාගැනීම සඳහා සාකච්ඡා කිරීමට නියමිත ය.

පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඇති වූ දේශපාලන අර්බුදය සමග අදාළ අරමුදල ලබාදීම නැවැත්වීමට ඇමෙරිකාව කටයුතු කළේය.

ඊට අමතරව අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ලබාදීමට 2016දී අනුමත කළ ඩොලර් බිලියන 1.5ක ණය මුදලේ සතර වැනි වාරිකයද මෙම දේශපාලන අර්බුදය හේතුවෙන් නවතා දැමීම නිසා ඊට අදාළ ඩොලර් මිලියන 250 යළි ලබා ගැනීමට සාකච්ඡා කිරීමටද මෙම සංචාරයේදී කටයුතු සැලසුම් කර ඇත. එම ණය මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදෙන අතර ඒ යටතේ ඉන්ධන මිල සූත්‍රය හා බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට උපදෙස් ලබාදී තිබේ. යහපාලන ආණ්ඩුව යටතේ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දීමටද සෑම පුද්ගලයකුටම බදු ලිපි ගොනුවක් සකස් කිරීමටද කටයුතු සූදානම් විය. එහෙත් ඔක්තෝබර් 26 දින පත් වූ අගමැති මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා ලෙස ඉන්ධන මිල සූත්‍රය අහෝසි කළේය. එහෙත් පසුගිය 20 වැනි දින පත්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා වූ මංගල සමරවීර සිය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේදී ප්‍රකාශ කළේ යළිත් ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන බවයි.

මෙම තත්ත්වය මත අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් ලබාදුන් කොන්දේසි හා ඇමෙරිකානු ණය මුදල ලබාදීමට ලබාදුන් කොන්දේසිවලට නිසි ප්‍රතිචාරයක් දැක්වීමෙන් පසු අමාත්‍යවරයාගේ ඇමෙරිකානු හා යුරෝපා සංචාරය සිදු කිරීමට නියමිතය.

Saturday, December 22, 2018

හොල්මන් නගර වෙනුවට මහවැලිය


ලෝකයේ හොල්මන් නගර ලෙස හඳුන්වන්නේ දීර්ග කාලීනව භාවිතයෙන් අතහැර දමුණු ජනතාව ජීවත් නොවන පාළුවට ගිය නගරයන්ය. එවැනි නගර අතරින් ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධම නගය වන්නේ යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ඨික බලාගාරය පිපිරීම නිසා විනාශයට පත්වූ ප්‍රිප්යැට් නගරයයි. මේ පැහැදිලි කිරීම හොල්මන් නගර යනු කවරේදැයි හඳුනා ගනීමට ප්‍රමාණවත් යැයි සිතමි.


ශ්‍රී ලාංකික ජනතාවට යුක්‍රේනයේ සංචාරය නොකර හොල්මන් නැගර දැකබලාගැනීමට අවස්ථාව සලසාදුන් නායකයා ලෙස ඉතහාසගත වන්නේ මහින්ද රාජපක්ෂ මහතාය. අද වන විටද හම්බන්තොට, සූරියවැව සහ මත්තල ප්‍රදේශ වල සංචාරය කරන්නන්ට නොමිලේම හොල්මන් නගර නැරඹීමේ හැකියාව පවතී. ඉතා විශාල පොලී අනුපාත යටතේ චීනයෙන් ලබාගත් ණය මුදල් මේ සඳහා යොදාගන්නා ලදී. මෙම ව්‍යාපෘති කිසිඳු විනිවිද භාවයකින් තොරව සිදුවූ බව නොරහසකි. අවසානයේ හම්බන්තොට වරාය චීනයට බදු දීමට සිදුවූයේද අදූරදර්ශී නායකයන්ගේ සැලසුම් විරහිත ක්‍රියාමාර්ගයි.නමුත් මීට වසර ගනනාවකට පෙර ඉදිකල මහවැලි ව්‍යාපෘතිය ආදර්ශයට ගත්තානම් රටට මෙවන් විනාශයක්වීම වලක්වා ගැනීමට තිබූබව මාගේ මතයයි. මහවැලියේ සාර්ථකත්වයට හේතුවූ දේශපාලන නායකත්වය ගැන ලිපියේ අගභාගයේදී සාකච්ඡා කරීමට බලාපොරොත්තු විමි.

මහවැලිය ඉදිකිරීමේ සුපිරි සැලසුමේ මූලික අරමුණු තුනක්  ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය විදුලිබ්ලය ලබා ගැනීමට ජල විදුලි බලාගාර ඉදිකිරීම, ගං වතුර පාලනය සහ වියලි කාලාපයේ ගොවිතැනට අවශ්‍ය ජලය සැපයීමයි. මහවැලිය ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ක්‍රියාතමකවූ සංවර්ධන ව්‍යාපෘති අතරින් වැඩිම ප්‍රතිඵලයක් අත්කරගත් සංවර්ධන ව්‍යාප්තිය ලෙස ඉතිහාස ගතවී ඇත. මහවැලිය තරම් ප්‍රතිඵලදායී, වේගවත් සහ විශාල සංවර්ධන ව්‍යාපෘතියක් මේ රට තුල ක්‍රියාත්මකවී නොමැති අතර නැවත එවැන්නක් සැලසුම් කිරීම ඉතා අභියෝගාත්මක වනු ඇත්. මහවැලිය මූලික අරමුණු පමණක් නොව වක්‍ර අරමුණුද මනාව ඉටුකල සංවර්ධන ව්‍යාපෘතියකි. රටේ රැකියා උතපාදනය ඉහල නැංවීම, ඉඩම් අහිමි ජනතාවට ගොවි ඉඩම් ලබාදීම, නව තාක්ෂණික දැනුම හා පුහුණුව ලබාගැනීම, නව ගොවි ජනපද ආරම්භය සහ ජාත්‍යන්තර අවදානය දිනාගැනීමද එම සාර්ථක ද්විතීක අරමුණු වලින් කොටසකි. 


මහවැලි සංකල්පයේ ආරම්භය 1964 වසර දක්වා දිව යන්නකි. සිරිමාවෝ මැතිනියගේ සමගි පෙරමුණු රජය මහවැලිය වසර 30 ක් තුල නිමකිරිමට අදාල සැලසුමක් ඉදිරිපත් ක්ලද එයට අදාල කටයුතු ඉතා මන්දගාමී ස්වරූපයකින් සිදුවිය. නමුත් 1977 එක්සත් ජාතික පක්ෂය පත්වීමත සමග නැවත මහවැලිය පිලිබඳ සංවාදය ආරම්භ වන අතර, 1979 දී ජයවර්ධන මහතා පාර්ලිමේන්තුව මගින් මහවැලි අධිකාරිය පිහිටුවා එය තරුණ ගාමිණී දිසානායක මහතා යටතට පත්කලේය. ඉන්පසු ගාමිණී දිසානායක මහතා යට්තේ ආරම්භවන කඩිනම් මහවැලිය ඉතා වේගයෙන් වසර 30 කින් අවසන් කිරීමට යෝජිත මහා ජලාශ ඉදිකිරීම වසර 6 කින් නිමකිරීමට සැලසුම් සකස් කරන අතර සැලසුම්කළ පරිදිම ව්‍යාපෘතිය සාර්ථකත්වයට පත් විය. මීට සති කිහිපයකට පෙර ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා වන නවීන් දිසානායක පැවසූ කතාවක ඔහු මෙසේ පැවසීය. ඒ " මගේ පියා, ගාමිණී දිසානායක වයස අවුරුදු 40 වෙද්දි මහවැලි ගඟේ වේලි 5 ක් බැඳල ඉවරයි". ජනපත් ජේ.ආර්. ජයවර්ධන මහතා ගාමිණී දිසානායක මහතාකෙරේ තැබූ විශ්වාසය ඔහු ඒ අයුරින්ම රැකි බව මහවැලි ව්‍යාපෘතිය දෙස බලන සියල්ලන්ට මනාව පැහැදිලි වේ. ජයවර්ධන ගාමිණී සුසංයෝගය  රටට බිහිකල මහවැලිය ශ්‍රී ලංකා මාතාවගේ ජීවනාලිය බව මනාව පැහැදිලිය. රටේ සියළුම සංවර්ධනයට අවශ්‍ය විදුලිය සහ ජලය සපයන ප්‍රධානම ප්‍රභවය මහවැලිය මිස අන් කවරක් වත් නොවේ. මහවැලිය ගැන සහ ඊට උරදුන් ගාමිණී දිසානායක ගැන මෙසේ ලියා නිමකිරීම පහසු කරුණක් නොවේ. අවසානයේ එක් පතුමක් එක්කර ලිපිය අවසාන කිරීමට අදහස් කරමි, එනම් ගාමිණී දිසානායක වැනි උතුම්, දක්ෂ නායකයෙකුගේ අඩුව පිරවිය හැකි උගත් බුද්ධිමත් සහ කාර්යශූර නායකයෙක් මේ දේශයේ ගොඩනැගේවායි යන්නය.

Tuesday, December 11, 2018

නවීන් දිසානායක එජාපය නව මගකට පෙරලයිද?



නවීන් දිසානායක පසුගියදා වලපනේදී එජාප ප්‍රබලයෙකුගේ කටින් කිසිදා නොකියූ කතාවක් පැවසූබව ඔබට අමතක නැතැයි සිතමි. එයනම් " සජිත්ටයි මටයි දැන් මේ පක්ෂයේ වගකීම් බාරගන්න පුළුවන් " . එය එසේ වෙතත් එජපයේ මීට පෙර සමහර නායකයන්ගෙන් පක්ෂයේ අනාගතය ගැන ඇසුනේ මමත්වයෙන් පිරිනු ඉතා ආත්මාර්ථකාමී අර්ථකථනයන් ගෙන් යුතු කතා බව ඉතා ප්‍රසිද්ධය. අප ඒවා මේ මොහිතේ සිහිපත් කිරීමට අකමැති වන්නේ, පක්ෂයේ අනාගතය ගැන ඉතා ප්‍රගතිශීලී අදහස් මතුවන මොහොතක යටගියාව ගොඩගැනීම ප්‍රතිඵලදායකය නොවවන බැවිනි. 

මෑත ඉතිහාසයේ මෙලෙස එකට එකතුවී පක්ෂය ගොඩනැගීමට ඇති හැකියාව පිලිබඳ අසන්න ලැබුනේ ප්‍රථම වතාවට බව මාගේ පිලිගැනීමයි. මා මීට පෙර ලිපියක සඳහන් කලා මෙන්ම ගාමිණී දිසානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නවීන් දිසානායකගෙන් මීට වඩා අඩු යමක් බලාපොරොත්තු විය නොහැක. ගාමිණී දිසානායක පක්ෂයට නායකයෙකු නොමැති අවස්ථාවේ නායකත්වය දීමට පැමිණ තම ජීවිතයද කැපකල අතර, ඔහුගේ වියෝවෙන් පුරප්පාඩුවට පත්වූ ජනපති අපේක්ෂකකම වෙනුවෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳය. පක්ෂය වෙනුවෙන් එවන් කැපකිරීම් කල යුවලකගේ පුත්‍රයා වන නවීන් දිසානායක පක්ෂයේ අනාගතය පිලිබඳ දරන මෙම මතය පිලිබඳ එක්සත් ජාතික පාක්ෂිකයා ආඩම්බර වියයුතු බව ලියුම්කරු වන මගේ හැඟීමයි.

Monday, December 10, 2018

ගාමිණී දිසානායක බිහිකල මහවැලියෙන් සිරිසේන ආතල් ගැනීම.



මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නැටූ නාඩගම හරහා රටේ සියළුම පුරවැසියන්ට විහිළුවක් වී හමාරය. රටේ ඇතිවී ඇති ව්‍යාකූල තත්වය ජනතාවට අමතක කරවීමට ජනපති සිරිසේන ගන්නා ක්‍රියාමර්ග බොහෝමයක් ජනතාවට විහිළු සපයන වීදි නාට්‍ය පවට පත්වී ඇත. 

ව්‍යවස්ථා විරෝධී අගමැති මහින්දට බහුතරය ලබා ගත නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ඉතා වේගයෙන් ඉහල ගිය නිසා යැයි ප්‍රසිද්ධියේ පැවසීමත් සමග ජනපති සිරිසේන කිසියම් මානසික ව්‍යාධියකින් පෙලෙන්නේ යැයි පවතින කට කතා සත්‍ය යැයි යමෙකුට නිගමනයකට පැමිණීමට බැරිකමක් නොමැත. කට වචනයෙන් ආතල් සැපයීමේ සිරිසේනගේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ක්‍රියාවෙන්ද ආතල් සැපයීමට යෑම රටේම අභාග්‍යයක් යැයි මට හැඟේ. 

ඔහු මීට ටික දිනකට පෙර ඉතා විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘතව කලා ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඔහු එසේ රඟ දැක්වූයේ හුදෙක්ම නාටකයක් පමණක් මිස, මොරගහකන්ද වාන් දමන නිසා වාන් දොරටු විවෘතව කිරීමක් නොවේ. මොරගහකන්ද ජලාශය තරමක් පිරී ගියපසු රටේ ජනතාවගේ ගැටළු අමතක කිරීම උදෙසා අඩක් පිරි ජලාශයේ වාන් දොරටු විවෘතව කිරීමට තරම් මෝඩ තීරණ ගන්නෙකුට 2015 ජනවාරි 8 වනදා ලියුම්කරු වන මම ලබාදුන් ඡ්න්දය ගැන ඇතිවන්නේ කලකිරීමක් පමණි .

ජනපත් සිරිසේන මතක තබා ගතයුතු කරුණු කීපයක් ඇත. මහවැලි ව්‍යාපාරයේ මෑත කාලීනව ඉදිකල මොරගහකන්ද ජලාශය, ඉදිකලේ මෛත්‍රීපාල සිරිසේනගේ පියා කුඹුරු කොටා ඉපයූ මුදලින් නොව ජනතාවගේ මුදලින් බව සහ ගාමිණී දිසානායක මහතා මහවැලිය ආරම්භ කලේ රටේ පොදු යහපත උදෙසා මිස ජනතාවට විහිළු සැපයීමට නොවන බවයි.

එසේම ජනපති සිරිසේන වැන්නකු යටතේ මහවැලිය පාලනය වීම ගාමිණී දිසානායක මහතාගේ  නාමයට පවා අපහාසයක් වන බව, ඔබ සියළුදෙනා අවිවාදයෙන් පිළිගනු ඇතැයි විශ්වාස කරමි.

Wednesday, December 5, 2018

එජාපයේ නායකයා උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුත්තේ ඇයි.

එජාපයේ නායකයා උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුත්තේ ඇයි.

එක්සත් ජාතික පක්ෂය ආසියාවේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වලින් එකකි. ජේ ආර් ජයවර්ධන මහතා ජපානයට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීමේ පුරෝගාමියෙක් ලෙස අදද ජපන් ජනයාගේ ආදරයට පාත්‍රවේ.  එකසත් ජාතික පක්ෂට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන රටවලින් එක්සත් ජාතික පක්ෂ රජයන්ට ලැබෙන සහයෝගය අති මහත්‍ වේ. 

මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්ව ගෙනයන මේ කුමන්ත්‍රණ අවස්ථාවේදීද ප්‍රජාතන්ත්‍රවාදය විශ්වාස කරන බොහෝ රටවල සහය රනිල් වික්‍රමසිංහට හිමිව ඇති බව සියල්ලන් දැනගත් යුතුවේ. මහින්ද රාජපක්ෂ රටේ අගමැතිකම ලබාගත් නමුත් ඔහුට රටේ අගමැති ලෙස ජාත්‍යන්තර පිලිගැනීමක් නොලැබීමට එජාපයට හා එහි නායකයාට ඇති ජාත්‍යන්තර පිලිගැනීම හේතුවක් වී ඇත. 

රට තුල විවිධ සංදර්ශන පවත්වමින් මානසික අල්ලස් ලබා දෙමින් ගෙනයන පාලනය ඉතා සුභ සිහිනයක් ලෙස හැඟී ගියද එහි කටුක යතාර්ථය තේරුම් ගැනීමට අප රට සිරවී ඇති චීන ණය උගුල ප්‍රමාණවත් බව මම සිතමි.
රාජ්‍යතාන්ත්‍රික නොවන අදූරදර්ශී රාජ්‍ය නායකයන් රට පාලනය කල වකවානු තුල ඇතිවූ අවාසනාවන්ත සිදුවීම් නැවත සිහිපත් කිරීමත් ඉතා සංවේගජනකය. ඔවුන් රටට ඉතිරි කලේ ඔවුන් බලය පවත්වා ගැනීමට බිහිකල මාෆියා ව්‍යාපාරිකයන් පිරිසක් සහ පාතාල මැරවරයින් පමණි. 

එජාපයට ශක්තිමත් අනාගත නායකත්වයක් සඳහා නව  බීජයක් අවශ්‍යව ඇත. එසේම එම බීජය රෝපණය වියයුත්තේ  පක්ෂය අසීරු අවස්ථා පසුකරමින් සිටින විට කුමන්ත්‍රණ සිදුකරමින් පක්ෂය තුල තම පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරමින් නායකත්වය උදුරා ගැනීමට සැලසුම් සැකසීම තුලින් නොවන බව අවධාරණය කරමි.   එසේම එජාපයේ ඊලඟ නායකත්වය බොරු සංදර්ශන පවත්වමින් ජනතාව මුලාවට පත්කරන්නෙකු නොව යහපත් ආර්ථික, දේශපාලනික දැක්මක් ඇති උගත් රාජ්‍යතාන්ත්‍රිකයකු විය යුතුමය. එය එජාපයේ මෙන්ම රටේද අනාගතය තීරණය කරණු ඇත.

Monday, December 3, 2018

දෝෂාභියෝගයකින් අතුගෑවී යන ප්‍රථම ජනපති මෛත්‍රීපාල සිරිසේන ද........?

දෝෂාභියෝගයකින් අතුගෑවී යන ප්‍රථම ජනපති මෛත්‍රීපාල සිරිසේන ද........?


ජනපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ කතාබහකින් මේ වන විට ශ්‍රී ලංකා දේශපාලන සිතියම උණුසුම් වෙමින් පවතී. ජනපති සිරිසේන දෙමළ සංධානය සහ අනෙකුත් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා පවැත්වූයේ මහින්දට බහුතර බලය සාදා දීමට නොව, දෝෂාභියෝගයකින් ආරක්ෂා වීමට බව මේ වන විට යම් යම් දේශපාලන හෙලිදරව් තුලින් ගම්‍යවේ. 

ජනපති වරයෙකුට තබා රස්තියාදු කරුවකුටත් නොගැලපෙන තරමේ වගකීම් විරහිත ආකාරයකින් හැසිරෙන මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ඉරණම ඉතාමත්  සංවේගජනක ඉරණමක් වනු ඇතැයි ලියුම්කරු වන මාගේ අදහසයි. 2020 පොදු අපේක්ෂක සිහිනය සහ ශිරාල් ලක්තිලක වැනි කේව්ට්ට උපදේශකයින්ගේ උපදෙස්  ජනපති මෛත්‍රීගේ පමණක් නොව එම පරපුරේ සියල්ලන්ගේම දේශපාලන ගමන වැසිකිලි වලක ඔබා ඇති බවට, මහජන මතය සාක්ෂි සපයමින් සිටියි. 

ජනපති සිරිසේන සහ ඔහු වටා සිටින කේවට්ටයින් මතක තබා ගතයුතු කරුණක් ඇත. එනම් මේ කුමන්ත්‍රණය තුලින් ජනපති වරයා දෝෂාභියෝගයකින් පරාජය වීමට අවශ්‍ය තරම් දේශපාලන පසමිතුරන් පිරිසක් බිහිකරගෙන හමාරය. එජාපය එකහෙලාම මෛතීපාල ගෙන් පලිගැනීමේ අවස්ථාව මගනොහරිනු ඇත. එසේම ජනතා විමුක්ති පෙරමුණද මෛත්‍රීට පාඩමක් ඉගැන්වීමේ අවස්ථාව මග හරිනු ඇතැයි මම නොසිතමි. සියල්ලන්ටම වඩා මෛත්‍රී අතින් දෙවරක් දේශපාලනිකව අපහරණයට ලක්වී පාක්ෂිකයාට මුහුණ දීමට නොහැකිව සිටින මහින්ද රාජපක්ෂ ඔහු තවමත් මහින්ද රාජපක්ෂ බව සිරිසේනට විරුද්ධ වීමෙන් සනාථ කරණු ඇත. සියල්ලන්ටම වඩා ශ්‍රීලනිප මෛත්‍රී පාර්ෂවය තමන්ට හිමි ලක්ෂ දහයක පමණ ඡන්ද ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට මෛත්‍රී එලවා දැමීමට පසුබට වනු ඇතැයි මම  නොසිතමි. 

අද මෛත්‍රීපාල සිරිසේන ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී තත්වයට පවත්ව ඇත. ජනපති තුමනි මෙවන් අවස්ථාවක ඔබ තුමාට ඉතිරිව ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර විමල් වීරවංශ මාතර දිස්ත්‍රික්කයේ රැස්වීමකදී පැවසූ පරිදි කොහේ හෝ තොලොංචි වී යාම යැයි මම සිතමි. දැන් ඔබට ඒ සඳහා උපදෙස් වීරවංශගෙන් නොමිලේම ලබාගත හැකි වෙතැයි අපේක්ෂා කරමි.

ජනපතිඳුනි ඔබට යහපතක්ම වේවා........ ! 
ජනපති සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ කතාබහකින් මේ වන විට ශ්‍රී ලංකා දේශපාලන සිතියම උණුසුම් වෙමින් පවතී. ජනපති සිරිසේන දෙමළ සංධානය සහ අනෙකුත් සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා පවැත්වූයේ මහින්දට බහුතර බලය සාදා දීමට නොව, දෝෂාභියෝගයකින් ආරක්ෂා වීමට බව මේ වන විට යම් යම් දේශපාලන හෙලිදරව් තුලින් ගම්‍යවේ.
ජනපති වරයෙකුට තබා රස්තියාදු කරුවකුටත් නොගැලපෙන තරමේ වගකීම් විරහිත ආකාරයකින් හැසිරෙන මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ඉරණම ඉතාමත් සංවේගජනක ඉරණමක් වනු ඇතැයි ලියුම්කරු වන මාගේ අදහසයි. 2020 පොදු අපේක්ෂක සිහිනය සහ ශිරාල් ලක්තිලක වැනි කේව්ට්ට උපදේශකයින්ගේ උපදෙස් ජනපති මෛත්‍රීගේ පමණක් නොව එම පරපුරේ සියල්ලන්ගේම දේශපාලන ගමන වැසිකිලි වලක ඔබා ඇති බවට, මහජන මතය සාක්ෂි සපයමින් සිටියි.
ජනපති සිරිසේන සහ ඔහු වටා සිටින කේවට්ටයින් මතක තබා ගතයුතු කරුණක් ඇත. එනම් මේ කුමන්ත්‍රණය තුලින් ජනපති වරයා දෝෂාභියෝගයකින් පරාජය වීමට අවශ්‍ය තරම් දේශපාලන පසමිතුරන් පිරිසක් බිහිකරගෙන හමාරය. එජාපය එකහෙලාම මෛතීපාල ගෙන් පලිගැනීමේ අවස්ථාව මගනොහරිනු ඇත. එසේම ජනතා විමුක්ති පෙරමුණද මෛත්‍රීට පාඩමක් ඉගැන්වීමේ අවස්ථාව මග හරිනු ඇතැයි මම නොසිතමි. සියල්ලන්ටම වඩා මෛත්‍රී අතින් දෙවරක් දේශපාලනිකව අපහරණයට ලක්වී පාක්ෂිකයාට මුහුණ දීමට නොහැකිව සිටින මහින්ද රාජපක්ෂ ඔහු තවමත් මහින්ද රාජපක්ෂ බව සිරිසේනට විරුද්ධ වීමෙන් සනාථ කරණු ඇත. සියල්ලන්ටම වඩා ශ්‍රීලනිප මෛත්‍රී පාර්ෂවය තමන්ට හිමි ලක්ෂ දහයක පමණ ඡන්ද ප්‍රමාණය ආරක්ෂා කරගැනීමට මෛත්‍රී එලවා දැමීමට පසුබට වනු ඇතැයි මම නොසිතමි.
අද මෛත්‍රීපාල සිරිසේන ගෙදර ගියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී තත්වයට පවත්ව ඇත. ජනපති තුමනි මෙවන් අවස්ථාවක ඔබ තුමාට ඉතිරිව ඇත්තේ මීට වසර හතරකට පමණ පෙර විමල් වීරවංශ මාතර දිස්ත්‍රික්කයේ රැස්වීමකදී පැවසූ පරිදි කොහේ හෝ තොලොංචි වී යාම යැයි මම සිතමි. දැන් ඔබට ඒ සඳහා උපදෙ