Friday, November 30, 2018

ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ වියදම් කපා හැරේ.

ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවේ වියදම් කපා හැරේ.

අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ වියදම් සහ කාර්ය මණ්ඩල වල වියදම් දැරීමට අමාත්ය්‍යංශ ලේකම් වරුරුන්ට  හැකියාවක් නොමැති බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 122 කින් සම්මත විය.  

Tuesday, November 20, 2018

ශ්‍රී ලාංකීය වත්මන් දෙශපාලන අර්බුදය හමුවේ අනාගත නායකත්වයට පෙරවදනක්


ශ්‍රී ලංකාව මේ වන විට දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා කනගාටුදායක තත්වයකට පත්ව ඇති බව මෙම ලිපිය ආරම්භයේ දීම ඔබට මතක්කිරීමට කැමැත්තෙමි. එය කෘතීමව නිර්මාණය කල බල අරගලයේ එක් දායාදයක් පමණකි. 
 ණය බරින් හා අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති තුලින් පීඩනයට ලක්වී ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම ඉතා පහසු ඉලක්කයක් නොවන වග ඔබ අප සියළුදෙනාට පසක්වී හමාරය. යම් කලමනාකරණයකින් යුතුව වසර තුනක් පවත්වාගෙන ආර්ථිකය මේ වන විට වත්මන් බල අරගලය තුලින් ඉතා ගැටළු කාරී තත්වයකට පත්කර හමාරය. එසේම ආනයන අපනයන මත පදනම් ඌ ගෝලීය ආර්ථිකයක් තුල, ලෝකය අතහැර දේශීය ආර්තිකය ගොඩනැගීම ගැන සිතීම ඉතා සුන්දර සිහිනයක් මුත්, යතාර්ථය ඉතා පීඩාකාරී විය හැකිය. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් 80% ක් පමණ උසුලන යුරෝපයෙන් හා ඇමරිකාවෙන් අපිට ඇති ඵල කිමෙක් දැයි ඇසීමම විහිළුවක් බව අප සැමට වැටහෙනු ඇත. 

 ගෝලීය අභියෝග

ශ්‍රී ලංකාවේ අනාගත නායක්ත්වයකට ඉතිහාසයේ කිසිඳු දිනක අත් නොවිඳි ගෝලීය අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත. චීනයේ එක් තීරයක් එක් මාවතක් යන ආර්ථික ක්‍රියාවලිය, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් ගේ චීනයට එරෙහි ඇමරිකානුවාදී ආර්ථික ප්‍රතිපත්තිය සහ චීනය හා ඉන්දියාව අතර පවතින බල අරගලය අප රටට සෘජුවම බලපාන භූ දේශපාලනික කරුණු බවට පත්වී හමාරය. එසේම ශ්‍රී ලංකාවේ පිහිටීම මේම  බල තුලනයේ මූලික ගොදුරක් වීමේ වැඩි ඉඩකඩක් පවතී. එසේම මේ වන විට චීනය සමග එක්වූ අදූරදර්ශී නායකයන් රට අති විශාල ණය උගුලක හිරකර හමාරය.

මෙම අසීරු ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය අනාගත නායකත්වය

කෙසේ නමුත් මේ මොහොතේ රට ගොඩනැගීමට අවශ්‍ය මූලිකම සාධක වනුයේ විදේශීය ආයෝජන, අපනයනය හා සංචාරක වැනි ක්ෂේත්‍ර හරහා රටට විදේශ විනිමය උපයා ගැනීමය. 
පසුගිය වසර තුන සලකා බැලීමේදී රට වැටී තිබූ අගාධයෙන් ගොඩගැනීමට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට එජාපය ප්‍රමුඛ ආණ්ඩුවට හැකි විය. අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහයන්ගේ උගත් බුද්ධිමත් භාවය සහ ඔහු සතු ඉතා දියුණු මට්ටමේ ජාත්‍යන්තර සබඳතා මේ සබඳතා මේ සඳහා මූලිකවම ඉවහල් විය. GSP Plus සහනාධාරය නැවත ලබාගැනීමට හැකිවීම, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කරවා ගැනීම සහ රට තුල මූල්‍ය සංචිත ඉහල ප්‍රමානයක් රඳවා ගැනිමට හැකි වීමත් මේ අතර ප්‍රමුඛ වේ. තවද යහපාලන රජය මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම රටේ ජාත්‍යන්තර කීර්ති නාමය ස්මතු කිරීමටද හේතු කාරණයක් විය.
තවද මහින්ද රාජපක්ෂ යුගයේ සිදුකල අසාර්ථක  සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා සඳහා අධික පොලී අනුපාත යටතේ ලබාගත් ණය වාරික ගෙවීමේ අභියෝගයද රට හමුවේ පවතී. 


එසේම රටේ සමස්ථ ජනතාවගේ ආර්ථික සහ  සමාජීය දියුණුව වෙනුවෙන් කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ රටට විදුලි බලය හා වගා බිම් ව්ලට අවශ්‍ය ජලය සැපයීම, ගම් උදාව සහ නිදහස් වෙළෙඳ කලාප වැනි සංවර්ධන ව්‍යාපෘති  ආරම්භ කල හැකි නායකත්වයක් රටට අවශ්‍යව ඇත. විශේෂයෙන්ම රටේ සංවර්ධනය සඳහා පැහැදිලි දැක්මකින් යුතු උගත් රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් සහිත අනාගත නායකත්වය සහිත නායකයන්ගේ අවශ්‍යතාව මේ මොහොතේ රටට තදින්ම දැනෙමින් පවතී. එසේම නීතිය  සහ ආර්ථිකය පිළිබඳ විශාරද  දැනුමක් ඇති නායකයන්ගේ සහයෝගය මේ රට ගොඩනැගීම සඳහා ඉතාමත් අවශ්‍යව පවතී.

රට මේ මොහොතේ මුහුණදෙන ආර්ථික අර්බුදය ස්වාභාවිකව ඇතිවූවක් ලෙස අප දැකිය යුතු නැත. මෙය මීට පෙර පැවති රජය විසින් ඔවුන්ගේ පටු අරමුණු මුදුන්පත් කරගැනීම සඳහා නිර්මාණය කරන ලද්දකි. රාජපක්ෂලාගේ පාලන කාලය තුල සිදුකල සංවර්ධන ව්‍යාපෘති අතිශයින් අසාර්ථක වීමට කරුනු කිහිපයක් බලපා ඇත. සංවර්ධන ව්‍යාපෘති පිලිබඳ විශේෂඥ දැනුම හා උපදෙස් අධ්‍යනය ප්‍රතික්ෂේප කරමින්, තම ඒකාධිපති බලය යොදාගෙන් සංවර්ධන ව්‍යාපෘති තමාට අවශ්‍ය ස්ථාන වල, තමන්ට අවශ්‍ය පරිමාවෙන් යුතුව ඉදිකිරීමයි. මත්තල ගුවන් තොටුපොළ  සහ හම්බන්තොට  සම්මන්ත්‍රණ ශාලාව ඊට උදාහරණ සපයයි. එපමණක් නොව මේ ව්‍යාපෘති හරහා ඉතා විශාල කොමිස් මුදල් ලබා ගැනීම සහ තම හිතවතුන්ට රිසි පරිදි කොන්ත්‍රාත් ලබාදීමද මෙම ව්‍යාපෘති වල අසාර්ථකත්වයට මූලිකම හේතු විය.


දැනට පවතින ගෝලීය ප්‍රවනතා සහ රට මුහුණදෙන ආර්ථික ගැටළු වලට මුහුණදීම ඉතා දූරදර්ශි, උගත් මිනිසත්කම් හඳුනන නායකයෙකයන්ගේ අවශ්‍යතාව අද වනවිට තදින් දැන්ව්මින් පවතී. මේ වන විට එක්සත් ජාතික පක්ෂය තුලින් කාලීන ප්‍රවනතාවයන්ට අනුගතවෙමින් පවතින චරිත දේශපාලන කිහිපයක් දැකගත හැකිය. මෙම දේශපාලන  විකෘතියට එජාපය මුහුණදෙන ආකාරය අධ්‍යනය කල විට එය මනාව පිලිබිඹු වේ. නවීන් දිසානායක නම්වූ දේශපාලන චරිතය මෙම තත්වය තුලදී ඉතා ප්‍රගතිශීලී ලෙස ඉදිරියට පැමිණීමක්, මෙම තත්වය ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමේදී පෙනී යන කරුණකි. එසේම එජාපයේ අතීත රන් තරුවක් වන ගාමිණී දිසානායක මහතාගේ පුත්‍රයා ලෙස අප ඔහුගෙන් එයට වඩා අඩු යමක් බලාපොරොත්තු නොවිය යුතුය. නවීන් දිසානායක යනු අද වන විට මඩ වගුරක් බවට පත්ව ඇති දේශපාලනය තුල බලාපොරොත්තුවක් තබාගත හැකි මනා අධ්‍යාපනයක් සහ දැනුමක් සහිත පරිණත දේශපාලන චරිතයක් බව පෙනීයයි. එසේම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් නික්මෙන්නේ බැරිස්ටර් වරයෙකු ලෙසිනි. එසේම ඔහු ශ්‍රී ලංකාවේද නීතිඥ  වරයෙකු ලෙස දිවුරුම් දී ඇත. ඊට අමතරව නවීන් දිසානායක මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයයන් මූල්‍ය සහ මූල්‍යමය නීතිය පිලිබඳ වැඩි දුර  උපාධියක් ලබා ඇත. ඒ සියල්ලටම අමතරව මෙම දේශපාලන පරිසරය තුල නොකිලිටි චරිතයක් ලෙසද නවීන් දිසානායක චරිතය හඳුන්වා දිය හැක.