Tuesday, December 11, 2018

නවීන් දිසානායක එජාපය නව මගකට පෙරලයිද?



නවීන් දිසානායක පසුගියදා වලපනේදී එජාප ප්‍රබලයෙකුගේ කටින් කිසිදා නොකියූ කතාවක් පැවසූබව ඔබට අමතක නැතැයි සිතමි. එයනම් " සජිත්ටයි මටයි දැන් මේ පක්ෂයේ වගකීම් බාරගන්න පුළුවන් " . එය එසේ වෙතත් එජපයේ මීට පෙර සමහර නායකයන්ගෙන් පක්ෂයේ අනාගතය ගැන ඇසුනේ මමත්වයෙන් පිරිනු ඉතා ආත්මාර්ථකාමී අර්ථකථනයන් ගෙන් යුතු කතා බව ඉතා ප්‍රසිද්ධය. අප ඒවා මේ මොහිතේ සිහිපත් කිරීමට අකමැති වන්නේ, පක්ෂයේ අනාගතය ගැන ඉතා ප්‍රගතිශීලී අදහස් මතුවන මොහොතක යටගියාව ගොඩගැනීම ප්‍රතිඵලදායකය නොවවන බැවිනි. 

මෑත ඉතිහාසයේ මෙලෙස එකට එකතුවී පක්ෂය ගොඩනැගීමට ඇති හැකියාව පිලිබඳ අසන්න ලැබුනේ ප්‍රථම වතාවට බව මාගේ පිලිගැනීමයි. මා මීට පෙර ලිපියක සඳහන් කලා මෙන්ම ගාමිණී දිසානායක මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නවීන් දිසානායකගෙන් මීට වඩා අඩු යමක් බලාපොරොත්තු විය නොහැක. ගාමිණී දිසානායක පක්ෂයට නායකයෙකු නොමැති අවස්ථාවේ නායකත්වය දීමට පැමිණ තම ජීවිතයද කැපකල අතර, ඔහුගේ වියෝවෙන් පුරප්පාඩුවට පත්වූ ජනපති අපේක්ෂකකම වෙනුවෙන් ඉදිරිපත් වූයේ ගාමිණී දිසානායක මහතාගේ බිරිඳය. පක්ෂය වෙනුවෙන් එවන් කැපකිරීම් කල යුවලකගේ පුත්‍රයා වන නවීන් දිසානායක පක්ෂයේ අනාගතය පිලිබඳ දරන මෙම මතය පිලිබඳ එක්සත් ජාතික පාක්ෂිකයා ආඩම්බර වියයුතු බව ලියුම්කරු වන මගේ හැඟීමයි.

No comments:

Post a Comment