Monday, December 10, 2018

ගාමිණී දිසානායක බිහිකල මහවැලියෙන් සිරිසේන ආතල් ගැනීම.



මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නැටූ නාඩගම හරහා රටේ සියළුම පුරවැසියන්ට විහිළුවක් වී හමාරය. රටේ ඇතිවී ඇති ව්‍යාකූල තත්වය ජනතාවට අමතක කරවීමට ජනපති සිරිසේන ගන්නා ක්‍රියාමර්ග බොහෝමයක් ජනතාවට විහිළු සපයන වීදි නාට්‍ය පවට පත්වී ඇත. 

ව්‍යවස්ථා විරෝධී අගමැති මහින්දට බහුතරය ලබා ගත නොහැකි වූයේ මන්ත්‍රීවරුන්ගේ මිල ඉතා වේගයෙන් ඉහල ගිය නිසා යැයි ප්‍රසිද්ධියේ පැවසීමත් සමග ජනපති සිරිසේන කිසියම් මානසික ව්‍යාධියකින් පෙලෙන්නේ යැයි පවතින කට කතා සත්‍ය යැයි යමෙකුට නිගමනයකට පැමිණීමට බැරිකමක් නොමැත. කට වචනයෙන් ආතල් සැපයීමේ සිරිසේනගේ සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව ක්‍රියාවෙන්ද ආතල් සැපයීමට යෑම රටේම අභාග්‍යයක් යැයි මට හැඟේ. 

ඔහු මීට ටික දිනකට පෙර ඉතා විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වා මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘතව කලා ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඔහු එසේ රඟ දැක්වූයේ හුදෙක්ම නාටකයක් පමණක් මිස, මොරගහකන්ද වාන් දමන නිසා වාන් දොරටු විවෘතව කිරීමක් නොවේ. මොරගහකන්ද ජලාශය තරමක් පිරී ගියපසු රටේ ජනතාවගේ ගැටළු අමතක කිරීම උදෙසා අඩක් පිරි ජලාශයේ වාන් දොරටු විවෘතව කිරීමට තරම් මෝඩ තීරණ ගන්නෙකුට 2015 ජනවාරි 8 වනදා ලියුම්කරු වන මම ලබාදුන් ඡ්න්දය ගැන ඇතිවන්නේ කලකිරීමක් පමණි .

ජනපත් සිරිසේන මතක තබා ගතයුතු කරුණු කීපයක් ඇත. මහවැලි ව්‍යාපාරයේ මෑත කාලීනව ඉදිකල මොරගහකන්ද ජලාශය, ඉදිකලේ මෛත්‍රීපාල සිරිසේනගේ පියා කුඹුරු කොටා ඉපයූ මුදලින් නොව ජනතාවගේ මුදලින් බව සහ ගාමිණී දිසානායක මහතා මහවැලිය ආරම්භ කලේ රටේ පොදු යහපත උදෙසා මිස ජනතාවට විහිළු සැපයීමට නොවන බවයි.

එසේම ජනපති සිරිසේන වැන්නකු යටතේ මහවැලිය පාලනය වීම ගාමිණී දිසානායක මහතාගේ  නාමයට පවා අපහාසයක් වන බව, ඔබ සියළුදෙනා අවිවාදයෙන් පිළිගනු ඇතැයි විශ්වාස කරමි.

No comments:

Post a Comment